සිම්බාබ්වේ සංචාරය: නවක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉදිරියෙන්
ශ්‍රී ලංකා සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීම තුළින් විශේෂතා කීපයක් ඉස්මතු කෙරෙන බව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක රොෂාන් අබේසිංහ පවසයි.
ඔහු එම අදහස පළ කළේ සිම්බාබ්වේ සිට බීබීසි සංදේශය සමග පැවැත්වූ සාකඡාවකදී.
විදේශීය රටක නුහුරු තණතිලි වල ක්‍රීඩා කිරීම මගින් ලද ජයග්‍රහණයක් වීම සිම්බාබ්වේ තරඟාවලිය ජයගැනීමේ එක විශේෂත්වයක් වන බව රොෂාන් අබේසිංහ පෙන්වා දෙයි.
එසේම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතීව්ස් උපනායක දිනේෂ් චන්දිමාල් ඇතුළු ජේෂ්ඨ ක්‍රීඩකයන් පස් දෙනකු ඇතුළත් නොවූ කණ්ඩායමක් මගින් එම ජයග්‍රහණය වාර්තා කිරීම තවත් විශේෂත්වයක් ලෙස රොෂාන් අබේසිංහ හඳුනා ගනියි.
සිම්බාබ්වේ තරගාවලියට යවන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක සහ තරුණ ක්‍රීඩකයන් දක්වන ලද කුසලතා රොෂාන් අබේසිංහ දකින ඊළඟ විශේෂත්වයයි.
එම නවක සහ තරුණ ක්‍රීඩකයන් ප්‍රදර්ශනය කළ කුසලතා හමුවේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ මුහුනුවරෙහි වෙනසක් සිදු වීමේ ඉඩකඩක් පවතින බවත් රොෂාන් අබේසිංහ කියා සිටියේය.
සිම්බාබ්වේ සමග පැවැත්වුණු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ධනංජය දසිල්වා සහ අසේල ගුණරත්න අගනා ශතක දෙකක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළහ.
සිම්බාබ්වේ සංචාරය කරන ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන රංගන හේරත් විසින් සිය කණ්ඩායම මෙහෙයවනු ලබන ආකාරය ද ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරකයාගේ පැසසුමට ලක්විය.
දෙවන තරඟයේදී ලකුණු හැට තුනකට සිම්බාබ්වේ ක්‍රීඩකයන් අට දෙනකු දවාලීමට සමත් වූ රංගන හේරත් ටෙස්ට් කඩුලු 350 කඩඉම පසුකළ විසිතුන් වෙනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස වාර්තා පොතට එක්ව සිටියි.