හිරිකිතයකින් ‍තොරව නායකත්වය සමග එකතුවෙන්න පුළුවන්

හිරිකිතයකින් ‍තොරව නායකත්වය සමග එකතුවෙන්න පුළුවන්

November 3, 2016   02:21 pm


ශ්‍රීලනිප සාමාජිකයින් මිලියන 4ක් දක්වා වැඩිකිරීම අපේක්ෂාව බව  ශ්‍රීලනිප මහලේකම්,අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අද(03)මහරගමින් ඇරඹුණු ශ්‍රීලනිප සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන‍ට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මීට පෙරාතුව ශ්‍රීලනිපයට වැඩිම පක්ෂ සාමාජිකත්වයක් එක්වූයේ 2013 වසරේ බව සිහිපත් කළ හෙතෙම මෙවර ඉලක්කයද සපුරාගත හැකිවෙනු ඇති බවට විශ්වාසය පළ කළේය.

පාක්ෂිකයින් රැස්විය යුත්තේ පක්ෂය සමග මිස ඒ ඒ පුද්ගලයින් මත නොවන බවත්,අද වනවිට පාක්ෂිකයින්ට අලුත් නායකත්වයක් යටතේ හිරිකිතයකින් තොරව එකතුවිය හැකි බවත් දිසානායක මහතා අවධාරණය කළේය.