2020 දී Doing Business Index පළමු රටවල් 70 අතරට ශ්‍රී ලංකාවත්

    October, 27, 2016

    ඉදිකිරීම සඳහා අවසර ලබා ගැනීම, විදුලි සබඳතා සහ බැංකු ණය, දේපොළ ලියාපදිංචිය, සුළුතර ආයෝජකයන්ගේ සුරක්‍ෂිතතාව, ආදායම් බදු ගෙවීම, විදේශ වෙළෙදාම, ගිවිසුම් ක්‍රියාත්මක කිරීම, බංකොළොත් ව්‍යාපාර සමථයකට පත් කිරීම, රැකියා වෙළඳපොල රෙගුලාසි ආදී ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ඇති අවහිරතා තම රජය විසින් ඉවත් කරන බවත් මීට අමතරව ආයෝජන සඳහා අවශ්‍ය සියළු අනුමැතීන් එක් කවුන්ටරයකින් ලබා ගත හැකි පරිදි නව නීති සම්පාදනය කරනු ලබන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය පස් අවුරුදු ඉදිරි සැලැස්ම ඉදිරිපත් කරමින් අද (27) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ වසර 2020 වන විට ලෝක බැංකුවේ Doing Business Index දර්ශකයේ ඉහළින්ම තිබෙන රටවල් 70 අතරට ශ්‍රී ලංකාව එක්කරලීම සිය ඉලක්කය බවයි.

    ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන Doing Business Index 2017 වාර්තාව නොබෝදා එළිදක්වනු ලැබූ අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය 109 සිට 110 දක්වා පියවරක් පසුපසට ගොස් තිබේ.

    රටවල් 19 ක් ඇසුරින් කළ මෙම වාර්තාව පහතින් සම්පූර්ණයෙන් කියවිය හැකිය.

    http://www.doingbusiness.org/~/media/WBG/DoingBusiness/Documents/Annual-Reports/English/DB17-Report.pdf