මධ්‍යම පළාත් දෙමළ පාසල් හෙට නිවාඩුයි

මධ්‍යම පළාත් දෙමළ පාසල් හෙට නිවාඩුයි

October 27, 2016   01:06 pm




ලබන 29 වනදාට යෙදී ඇති දීපවාලී ආගමික උත්සවය හේතුවෙන් හෙට(28) දිනයේ මධ්‍යම පළාතේ සියලුම දෙමළ පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.

දෙමළ පාසල් දරුවන්ට දීපවාලී උත්සවය සැමරීමට අවකාශ ලබාදීම සඳහා මෙම තීරණය ගත් බව  සරත් ඒකනායක මහතා සඳහන් කළේය.

එම නිවාඩු දිනය වෙනුවට ලබන මස පස්වන සෙනසුරාදා දිනයේ එම පාසල් පැවැත්විය යුතු බවට උපදෙස් ලබාදී ඇති බවද මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසුවේය.