ව්‍යාජ මුදල් නෝට්ටු සමග 2ක් අල්ලයි

ව්‍යාජ මුදල් නෝට්ටු සමග 2ක් අල්ලයි

October 22, 2016   08:34 am




ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කරමින් භාණ්ඩ ලබාගැනීමට තැත්කළ තරුණයින් දෙදෙනෙකු අනුරාධපුර බැංකු නගරය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් පන්දහසේ නෝට්ටුවක් ප්‍රදේශයේ සතොස ආයතනයට ලබාදී භාණ්ඩ ලබාගැනීමට තැත් කිරීමේදී මොවුන් අත්අඩංගුවවට ගත් බව පොලිසීය පැවසුවේය.

සැකකරුවන් සතුව තිබී තවත් ව්‍යාජ ලෙස මුද්‍රණය කෙරුණු පන්දහසේ මුදල් නොට්ටු 20ක්, රුපියල් දහසේ මුදල් නෝට්ටු 04ක් සහ රුපියල් 100 නොට්ටු 07ක් සොයාගත් බව සඳහන්ය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ පදිංචි 22 හා 25 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් වන අතර ඔවුන් අද(22) දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.