අත්‍යවශ්‍ය ඖෂධ 48 ක මිල සිකුරාදා සිට අඩුවේ

අත්‍යවශ්‍ය ඖෂධ 48 ක මිල සිකුරාදා සිට අඩුවේ

අත්‍යවශ්‍ය ඖෂධ 48 ක මිල අඩුකිරීම පිළිබඳ ගැසට් නිවේදනය ලබන සිකුරාදා නිකුත්වීමට නියමිත බව සෞඛ්‍ය ආමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

මෙම මිල පාලනයට එරෙහිව, ඖෂධ හිඟයක් ඇතිකිරීමට සමාගම් උත්සාහ කළහොත් ඊට මුහුණදීමට ද සුදානම් බව බීබීසීය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේය.

1971 වසරේ සිට ඖෂධ මිල පාලනය කිරීමට ගත් උත්සාහයන්ට විවිධ බාධා එල්ල වූ බව පෙන්වාදුන් අමාත්‍යවරයා, වසර හතළිස් පහකට පසුව හෝ එය ක්‍රියාත්මක කිරීමට හැකිවීම ගැන සතුටුවන බව කීය.

"ඖෂධ සමාගම් අධික ලාභ ලබනවා. වෛද්‍යවරුන් පවා පුදුම වුනා ඒ ලබන ලාභය ගැන ඔවුන්ට පැහැදිලි කරලා දුන්නහම. පළමු අදියර යටතේ ජනතාව වැඩියෙන් භාවිතකරන අත්‍යවශ්‍ය ම ඖෂධ 48 ක මිල අපි අඩුකරනවා," ඔහු පැවසීය.

සාමාන්‍යයෙන් ජනතාව වැඩියෙන් භාවිත කරන පැරසිටමෝල් පෙත්තක් මේවනවිට රුපියල් 3කට පවා අලෙවිවන බව කී ඇමතිවරයා, මිල පාලනයත් සමග එහි උපරිම විකුණුම් මිල රුපියල් 1.30 ක් වනු ඇති බව පෙන්වා දුන්නේය.

වැඩිදුර තොරතුරු සඳහා ඉහත වීඩියෝව නරඹන්න.