අල්ලස් කොමිසමේ ලොකු පුටුවෙන් ඩිල්රුක්ෂි ඉල්ලා අස්වෙයි
October 17, 2016 01:00 pm
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තිබේ.
ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ඇය විසින් යොමුකර ඇතැයි සඳහන්ය.
හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ත්‍රිවිද හමුදාපතිවරුන් පරීක්ෂණවලට අදාළව තමන්ට නොදන්වා අධිකරණයට ගෙනයාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් මාධ්‍ය මගින් දිගින් දිගටම අනාවරණය කරන ලදී.
ඒ අනූව ඇයගේ එම ඉල්ලා අස්වීමට මෙය ආසන්නතම හේතුවක් විය හැකි යැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පසුගිය වසරේ පෙබරවාරී 11 වැනිදා පත්කරන ලදී.