ශ්‍රී ලංකා-තායිලන්ත ද්වීපාර්ශවික සබඳතා නව ප්රවේශයකට
October 9, 2016 09:06 am
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින ද්වීපාර්ශවික සබඳතා නව ප්රවේශයකට ගෙන යන බව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ බෞද්ධ රටවල් ලෙස දෙරට අතර පවතින සබඳතා සෑම අතින්ම ශක්තිමත් කර ගත හැකි බවයි.
තායිලන්තයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ තායිලන්ත අග්‍රාමාත්‍යවරයා අතර පැවැති නිල හමුවේදී එරට අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
දෙරට අතර සංචාරක සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ඉදිරියේදී වැඩපිළිවෙළ රැසක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට තායිලන්ත රජය ලබා දෙන සහය අගය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ගංවතුර සහ නායයාම් අවස්ථාවන්වලදී ශ්‍රී ලාංකික ජනතාවට සැපයූ සහය පිළිබඳව කෘතවේදීත්වය පළ කර තිබේ.
දෙරට අතර කෘෂිකාර්මික ක්ෂේත්රයේ සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ද එහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.