පාසල් සිසුවාට පහරදුන් පියා රිමාන්ඩ්

පාසල් සිසුවාට පහරදුන් පියා රිමාන්ඩ්

October 1, 2016   01:04 pm





කුලියාපිටිය ප්‍රදේශයේ පාසලකට අනවසරයෙන් ඇතුළු වී සිසුවෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පසුගියදා සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් එක් සිසුවෙකුගේ  පියෙකු විසින් අදාළ ගැටුමට සම්බන්ධ අනෙක් සිසුවාට  පහරදී ඇති බව වාර්තා වුණි.

පහර කෑමට ලක් වූ සිසුවා මේ වන විට කුලියාපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 07 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.