ජනප්‍රියතම පාසල් ඉල්ලා රජයේ වෛද්‍යවරුන් ලෙඩුන්ට කොකා පෙන්නයි

ජනප්‍රියතම පාසල් ඉල්ලා රජයේ වෛද්‍යවරුන් ලෙඩුන්ට කොකා පෙන්නයි

September 15, 2016   07:32 am


මාතර, කුරුණෑගල සහ මහනුවර යන දිස්ත්‍රීක්ක වල වෛද්‍යවරුන් අද දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කියා සිටියේ පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීමේදී වෛද්‍යවරුන්  මුහුණ දී සිටින ගැටළුවලට විරෝධය පළ කරමින්  මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීමේදී සිදුව ඇති අපහසුතාවලට විරෝධය පළ කරමින් ඊයේ දිනයේ සිට වෛද්‍යවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශය තුළ රැඳී සිටියි.

වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කියා සිටියේ වෛද්‍යවරුන් 200ක් පමණ මෙලෙස අධ්‍යාපන අමාත්‍යංශය තුළ තවදුරටත් රැඳී සිටින බවයි.