කෝටි 3ක් වටිනා කුඩු සමග 6ක් මාට්ටු
September 4, 2016 07:39 am
හෙරොයින් කිලෝග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි ඉන්දීය ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු පල්ලිමුනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත උතුරු මැද නාවික විධානයට අයත් ගජබා ඒකකයට අනියුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එහිදි සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 24 ක තොගයක් නාවික හමුදාව බාරයට ගෙන තිබේ.
සැකකරුවන් සහ කෝටි තුනක පමණ වටිනාකමකින් යුතු එම හෙරොයින් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වව්නියාව පොලිස් මත්ද්‍රව්‍ය ඒකකය වෙත බාරදුන් බව නාවික හමුදාව සඳහන් කරයි.