උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ලබා දෙනවා - මංගල

උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ඔවුන්ට ලබා දෙනවා - මංගල

සිය ඉඩම් ආපසු ලබා දෙන මෙන් උතුරේ ජනතාව විසින් කරණු ලබන ඉල්ලීම ඉතා සාධාරණ බවත් ආරක්ෂක අමාත්‍යංශය සමග සාකච්ඡා කොට එම ඉල්ලීම කඩිනමින් ඉටු කරණ බවත් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය විසින් යාපනය නල්ලූර් කෝවිල අසල ආරම්භ කළ දින තුනක ජංගම සේවාවේ දී මහජනතාව විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න සහ ගැටළු වලට පිළිතුරු සපයමිනි.

අගෝස්තු 28 වෙනිදා ආරම්භ වූ මෙම ජංගම සේවාව 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කොට තිබෙන්නේ.

උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ඔවුන්ට ලබා දෙනවා - මංගල

'මයිලිට්ටි' වරායේ මසුන් මැරීමට උතුරේ ධීවරයන්ට අවසර

ඒ අතර උතුරේ ධීවර සමිති චෝදනා කළේ සිය ධීවරයන්ට යාපනය 'මයිලිට්ටි' ධීවර වරායේ මසුන් මැරීමට නාවික හමුදාව අවසර ලබා නොදෙන නමුත් දකුණේ ව්‍යාපාරිකයන්ට භාණ්ඩ තොග මුහුදු මගින් උතුරට ගෙන ඒමේදී 'මයිලිට්ටි' ධීවර වරායේ භාණ්ඩ ගොඩබෑමට අවසර ලැබෙන බවයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජංගම සේවාව අතරතුර 'මයිලිට්ටි' ධීවර වරායේ සංචාරයක යෙදුනු විදේශ අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ උතුරේ සාමාන්‍ය ධීවරයන්ටද 'මයිලිට්ටි' ධීවර වරාය විවෘත කිරීමට පියවර ගන්නා බවයි.

උතුරේ දෙමළ වැසියන්ගෙන් විශාල පිරිසක් ජීවත් වන විදේශ රටවල් විසි දෙකකට පත් කොට සිටින තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් නිසි ලෙස කටයුතු නොකිරීම හේතුවෙන් දෙමළ ජනතාවට විශාල ගැටළු උද්ගතව ඇති බවද උතුරේ ජනතාව අමාත්‍යවරයාට දන්වා සිටියහ.

උතුරේ ජනතාවගේ ඉඩම් නැවත ඔවුන්ට ලබා දෙනවා - මංගල

එම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට අවම අධ්‍යාපන සුදුසුකම් පමණක් තිබෙන අතර උතුරේ ප්‍රශ්න සහ එහි වැසියන් පිළිබඳ නිසි අවබෝධයක් නොමැති බැවින් දෙමළ ජනතාවට විශාල අසාධාරණයක් සිදුවන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

ඊට පිළිතුරු දුන් අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ පසුගිය රජය විසින් දේශපාලන වුවමනාවන් මත 80% ක් පමණ දේශපාලන පත්කිරීම් හරහා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පත් කරනු ලැබුවත් 2015 ජනවාරි මාසයෙන් පසු වත්මන් රජය විදෙස් සේවා විභාගය සමත් වී ජෙෂ්ඨත්වය ලද, රාජ්‍ය දූත සේවයේ හැකියාවන් ප්‍රදර්ශනය කළ පුද්ගලයන්ට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති බවයි.

ඒ යටතේ පසුගිය රජය සමය මෙන් දෙගුණයකට වැඩියෙන් බහුතරයක් තානාපතිවරු මහා කොමසාරිස්වරු සුදුසුකම් සහ අධ්‍යාපන මට්ටම සැලකිල්ලට ගෙන පත් කොට ඇති අතර සිදු කර ඇති දේශපාලන පත්වීම් කිහිපයද සුදුසුකම් ඇති පුද්ගලයන්ට ලබා දී ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.