පරිභෝජනයට නුසුදුසු ජල බෝතල් සමග 3ක් කොටු

පරිභෝජනයට නුසුදුසු ජල බෝතල් සමග 3ක් කොටු

August 29, 2016   08:29 am




කොම්පඤ්ඤවිදීය, අක්බාර් මාවතේ පිහිටි වෙළෙඳසැලක තිබී පරිභෝජනයට නුසුදුසු ජල බෝතල් තොගයක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගුණාත්මකභාවයෙන් හා සෞඛ්‍යාරක්ෂිතභාවයෙන් තොර පානීය ජල බෝතල් වෙළෙඳපොළේ පවතින බවට ලද පැමිණි අනුව සිදු කළ වැටලීමකදී අදාළ ජල බෝතල් තොගය සොයා ගත් බව පාරිභෝගික කටුයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

අදාළ ජල බෝතල්වල පරිභෝජනයට ගත නොහැකි පරිදි අපද්‍රව්‍ය මිශ්‍ර වී තිබූ අතර එවාගේ ප්‍රදර්ශනය කර තිබූ ශ්‍රී ලංකා ප්‍රමිති ලාංජනය ව්‍යාජ ලෙස මුද්‍රණය කර ඇති බවට අනාවරණය වූ බව පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අදාළ ජල බෝතල් නිෂ්පාදන කර්මාන ශාලාව ද මුද්‍රා තබා  තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය භාරයට ගත් ජල බෝතල් තොගය වී වාර්තාවක් මගින් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර රජයේ රස පරීක්ෂණ ආයතනය මගින් ලබා ගන්නා තත්ත්ව වාර්තාව අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.