ගිනි අවියක් සමග 1ක් කොටු

ගිනි අවියක් සමග 1ක් කොටු

August 20, 2016   09:10 am





නීති විරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පුත්තලම, මී ඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ගිනි අවිය මෙරට නිෂ්පාදිත එකක් වන අතර මොහු විසින් සතුන් දඩයම් කිරීම සඳහා එය භාවිත කරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කරුවලගස්වැව, මුරියාකුලම ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.