බීමත්ව රිය පැදවූ ස්වීඩන් ඇමතිවරිය ඉල්ලා අස් වෙයි

Outgoing Swedish Education Minister Aida Hadzialic, 13 August 2016, after announcing her resignation

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අමාත්‍යවරිය සිය රථයට ගොඩ වීමට පෙර වයින් වීදුරු දෙකක් පානය කොට ඇත

නියමිත සීමාව ඉක්මවා මත්පැන් පානය කොට රිය පදවා පොලිසියට හසු වූ ස්වීඩනයේ උසස් අධ්‍යාපන අමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

අයිඩා හඩ්සියාලික් ස්වීඩනයේ ලාබාලම ඇමතිවරියද වූවාය.

විසි නව හැවිරිදි ඇය එරට අමාත්‍ය ධුරයකට පත් පළමු මුස්ලිම් කාන්තාවයි.

බීමත්ව රිය පදවා පොලිසියට හසු වීම ඇය විසින් හඳුන්වනු ලැබුවේ 'සිය ජීවිතයේ සිදු වූ බරපතළම අත්වැරැද්ද' ලෙසයි.

වයින් වීදුරු දෙකක් පානය කොට සිටි අයිඩා හඩ්සියාලික්ගේ මෝටර් රථය නවත්වනු ලැබ ඇත්තේ ඩෙන්මාර්කය සහ ස්වීඩනය යා කරන පාලමක් අසලදී.

එම අවස්ථාවේ ඇයගේ රුධිරයේ මද්‍යසාර මට්ටම ලීටරයකට ග්‍රෑම් 0.2 ලෙස සටහන් වී ඇති අතර ඒ සඳහා ඇයට මාස හයකට නොවැඩි සිර දඬුවමක් ලබා දීමේ හැකියාවක් පවතියි.