වාස් යළි ශ්‍රී ලංකා පිලට එක්වෙයි

වාස් යළි ශ්‍රී ලංකා පිලට එක්වෙයි

August 10, 2016   01:48 pm


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යැවීම් පුහුණුකරු ලෙස හිටපු ක්‍රීඩක චමින්ද වාස් පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව සැප්තැම්බර් මස 01වන දින සිට බලපැවැත්වෙන පරිදි චමින්ද වාස් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන බවත්,මීට අමතරව නික් පොතාස් පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන බවද සඳහන්ය.

මීට පෙරාතුවද වාස්  ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කළ අතර 2015 මැයි 01වන දින සිය ධූරයෙන් ඉල්ලා අස්වූ ඔහු අයර්ලන්ත කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කළේය.