ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරඟාවලිය සඳහා Huawei වෙතින් දිරිබලය

    August, 4, 2016

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික විසඳුම් සපයන ලොව ප්‍රමුඛතම සමාගමක් සහ ශ්‍රී ලංකාවේ වේගයෙන්ම අලෙවි වක ස්මාර්ට්ෆෝනය වන Huawei මේ වසරේ ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරඟාවලිය සඳහා රන් අනුග්‍රාහකත්වය සපයයි. ඩයලොග් ආසියාටා ශ්‍රී ලංකා සුපර් රග්බි සෙවන්ස් තරඟාවලිය 2016 සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය (SLRFU) විසිනි. මෙම තරඟාවලියේ පළමු අදියර අගෝස්තු 5- 6 යන දිනවල සහ දෙවන අදියර අගෝස්තු 12- 13 යන දිනවල කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වීමට නියමිතයි.

    Huawei ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි වැන්ග් ෂුන්ලි මහතා සඳහන් කළේ තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන ප්‍රමුඛ සමාගමක් ලෙස ලොව පුරා විවිධ ඉසව් සඳහා Huawei අනුග්‍රහය දක්වන බවයි. ඒ මඟින් ප්‍රජාවගේ සිහිනයේ බලය පිළිබඳව විශ්වාසයක් ඇති කරගැනීම සහය වන බව ද හෙතෙම සඳහන් කළේය. ඉදිරියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා ද සිය සහකරුවන් හා එක්ව සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළ ඒ මහතා පෙන්වා දුන්නේ ක්‍රීඩාව ඔස්සේ සහෝදරත්වය වර්ධනය කරගැනීම සඳහා අවකාශය සැලසීම සඳහා සිය සාමාගම නිරතුරුවම කටයුතු කරන බවයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා සඳහන් කළේ නව්‍ය නිපැයුම් නිරන්තරයෙන් පාරිභෝගිකයින් වෙත හඳුන්වා දෙන සමාගමක් වශයෙන් පාරිභෝගිකයින්ගේ සිහින සැබෑකරදීමට කැපවී කටයුතු කරන බවයි. සන්නාමයක් ලෙස එම සිහින පාරිභෝගිකයින්ගේ සිත් තුළට කා වැදී ඇතැයි තමන් හොඳින් දන්නා බවත් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් වන රග්බි ක්‍රීඩාව සඳහා සහයෝගය දැක්වීමට මෙරට ප්‍රමුඛතම රග්බි තරගාවලියක් වන ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරඟාවලිය තෝරා ගත්තේ දේශිය ක්‍රීඩා ක්ෂේත්‍රය නැංවීමේ අරමුණින් බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    ක්‍රීඩා සමාජ අටක කණ්ඩායම් මෙම තරඟාවලිය සඳහා එක්වන අතර මෙහිදී ජාත්‍යන්තර ප්‍රමුඛ ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමට දේශීය ක්‍රීඩකයින්ට අවස්ථාව හිමිවෙයි. නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ෆිජි, සැමෝවා, ටොන්ගා සහ එංගලන්තය යන රටවල ක්‍රීඩකයින්ද මෙම තරඟාවලියට එක්වෙයි.මේ අනුව සෑම කණ්ඩායමකටම විදේශිය ක්‍රීඩකයින් තිදෙනෙකු බැගින් ඇතුළත් වෙයි.මෙම තරඟාවලියේ පාසැල් අංශය යටතේ පාසැල් අටක කණ්ඩායම් තරඟ කිරීමට නියමිතය.