රත්‍රං කිලෝ එකහමාරක් සමග ලාංකිකයින් 3ක් අත්අඩංගුවේ

රත්‍රං කිලෝ එකහමාරක් සමග ලාංකිකයින් 3ක් අත්අඩංගුවේ

August 3, 2016   10:23 am


ඉන්දීය රුපියල් ලක්ෂ 46ට වැඩි වටිනාකමින් යුත් රත්‍රං කිලෝ එකහමාරක් සමග ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඉන්දියාවේ, තිරුවානන්දපුරම් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ සිට යූඑල්. 161 දරණ ගුවන්  යානයකින් ඊයේ පෙරවරු 8.45ට පමණ පැමිණ ඇති මොවුන් තිදෙනා යෝගේෂ්වර් සෙල්ලතම්බි, සුසිකලා යෝගේස්වරන් හා රාමක්කල් රාමසාමි ලෙස හඳුනාගෙන ඇත.

මොවුන් සතුව තිබී වළලු 8ක්, මාල 4ක්, පෙන්ඩන් 10ක් ඇතුළු රන් ආභරණ තොගයක් ඉන්දීය ගුවන් තොටුපළ නිලධාරීන් භාරයට ගෙන ඇති අතර මෙම වැටලීම කර ඇත්තේ ලැබුණු තොරතුරකට අනූව  බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් තොටුපළ පිටවීමේ පර්යන්තයේදී ගමන් මළු පරික්ෂා කිරීමේදී මෙම රන් ආභරණ සොයාගෙන ඇති අතර රන් ආභරණ ආනයනය සඳහා විධිමත් ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට ඔවුන් අසමත් වී ඇතැයි ද සඳහන්ය.