පාදයාත්‍රාවේ දරුවෙකු වෙනුවෙන් විමර්ශනයක්

පාදයාත්‍රාවේ දරුවෙකු වෙනුවෙන් විමර්ශනයක්

August 3, 2016   07:29 am


කුඩා ළමයෙකු දේශපාලන කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බව ළමා ආරක්ෂණ අධිකාරීය පවසයි.

එම අධිකාරීයේ මාධ්‍ය ප්‍රකාශක එදිරිවීර ගුණසේකර මහතා කියා සිටියේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

පසුගියදා පැවති දේශපාලන පාගමනකදී කුඩා දරුවෙකු යොදාගෙන ඇති බවට පැමිණිල්ල මගින් චෝදනා කර ඇති බව එදිරිවීර ගුණසේකර මහතා කියා සිටියේය.

මෙහිදී ළමා අපයෝජනයක් සිදුවී ඇත්ද නැද්ද යන්න පිළිබඳ කිවහැක්කේ විමර්ශනය කිරීමෙන් පසුව බවත්,මේවන විට විමර්ශන ආරම්භ වී ඇති බවත් ගුණසේකර මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙය එක සංසිද්ධියක් බවත්,මෙවන් වැඩසටහන් සඳහා දරුවන් යොදාගැනීමෙන් දරුවාගේ මනසට බලපෑමක්,පීඩනයක් සිදුවිය හැකි බවත් ඔහු පෙන්වාදුන්නේය.

පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කොට පවත්වනු ලැබූ පාදයාත්‍රාවේ සිටි කුඩා දරුවෙකු කියමින් ගිය නුසුදුසු සටන්පාඨයක් සම්බන්ධයෙන් මාධ්‍යයේ අවධානය යොමුවී තිබුණි.