පාසල් සිසුන්ට විෂ මත්ද්‍රව්‍ය විකුණන අයට දැඩි ක්‍රියාමාර්ග ගන්නවා
July 27, 2016 04:49 pm
පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් පාසල් අවට සිදුකෙරෙන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
ගාල්ල, කතලුව මධ්‍ය මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානොත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ යටතේ මේ සඳහා පුළුල් අවධානයක් මේ සඳහා යොමුකර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.