පාසල් සිසුවිය දුම්රියට පැනලා

පාසල් සිසුවිය දුම්රියට පැනලා

July 24, 2016   02:04 pm



අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ සහ කන්දෙගොඩ දුම්රිය ස්ථානය අතර  ප්‍රදේශයේ දී දුම්රියේ ගැටීමෙන් මියගිය පාසල් සිසුවිය දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

අදාළ  සිසුවිය දුම්රියට පැන සියදිවි හානිකරගත් බවට සිද්ධිය ඇසින් දුටු බව කියන එම සිසුවියගේ සොහොයුරා විසින් බලපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් ලබාදී ඇති බව අම්බලන්තොට පොලීසිය සඳහන් කළේය.

තම සොහොයුරිය තවත් තරුණයෙකු සමග දුම්රිය මාර්ගය අසළ සිටිනු තමන් දැකීම නිසා බියට පත්වී සොහොයුරිය දුම්රියට පැන සියදිවි හානිකරගත් බව ඔහු පවසා තිබේ.

කෙසේවෙතත් ඊයේ(24) දිනයේ අදාළ තරුණයා සිද්ධිය වූ ස්ථානයේ දි ප්‍රකාශ කර තිබුණේ තම සොහොයුරිය  ඇයගේ පෙම්වතා විසින් දුම්රියට තල්ලු කරනු තමා දුටු බවයි.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබඳ බලපිටිය මහේස්ත්‍රාත්  අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇති අතර එහිදී  අදාළ සිසුවියගේ සොහොයුරාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

එම ප්‍රකාශයට අනුව සිසුවිය සියදිවි හානිකරගෙන ඇති බවට තහවුරු වු බව අම්බලන්ගොඩ පොලීසිය පැවසුවේය.

මේ අතර එම සිසුවිය ගැටුණු දුම්රියේ ආරක්ෂක නිලධාරීයා විසින් ද මේ පිළිබඳ ප්‍රකාශයක් සිදුකර ඇති බව පොලීසිය පවසයි.