විසඳුමක් නොකියන අන්තවාදීන්ට අවශ්‍ය තවත් අවුලන්නයි

විසඳුමක් නොකියන අන්තවාදීන්ට අවශ්‍ය තවත් අවුලන්නයි

July 20, 2016   03:40 pm



යාපනය සරසවියේ පසුගියදා ඇති වූ සිද්ධියට ගත යුතු පියවර ගැන සාකච්ඡා නොකරන උතුරේත් දකුණේත් ඇතැම් අන්තවාදීන් එය තවදුරටත් අවුලන්නේ කෙසේදැයි සොයමින් සිටින බව උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එම සිද්ධිය සංහිඳියා ප්‍රතිපත්තියට මහත් බාධාවක් මෙන්ම කැලලක් බවයි.

මෙම සිද්ධියෙන් උතුරේත් දකුණේත් අන්තවාදීන් ප්‍රයෝජන ගනිමින් සිටින බවත්, කෙසේ වුවද නීතියට හා සාමයට පිටින් කටයුතු කරන පුද්ගලයෙක්, ආයතනයක් පද්ධතියක්රට තුළ තිබිය නොහැකි බවත්, හෙතෙම පෙන්වාදුන්නේය.

පවත්නා වාතාවරණය සැලකිල්ලට ගෙන දැනට වසා දමා ඇති එහි පීඨ කඩින් කඩ විවෘත කරන බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.