කැළණි කේබල්ස් සමාගම තම වෙළඳ විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන වසරේ ඉහළම සම්මානය වන ‘ප‍්‍රධාන විධායක සම්මානය’ පිරිනැමේ

    July, 20, 2016

    ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම තම වෙළඳ විශිෂ්ටත්වය වෙනුවෙන් පිරි නැමෙන වසරේ ඉහළම සම්මානයවන ‘ප‍්‍රධාන විධායක සම්මානය‘ කැළණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරි මහින්ද සරණපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් 5වන වරටත් කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී (Waters Edge) පසුගියදා පිරි නැමුණි.

    කැළණි කේබල්ස් ප‍්‍රධාන විධායක නිලධාරී සම්මානයෙන් ‘වසරේ විශිෂ්ටතම කලාපීය වෙළෙඳ කළමනාකරු‘ ලෙසින් සංජීව ගුණතිලක මහතා හා ‘වසරේ විශිෂ්ටතම වෙළෙඳ විධායක නිලධාරී‘ ලෙසින් රොෂාන් බාලසූරිය මහතා පිදුම් ලැබූහ. එම අලෙවි විශිෂ්ටයන් දෙදෙනාටම කැලණි කේබල්ස් සමාගම විසින් මුදල් ත්‍යාග හා විදෙස් සංචාර පිරිනැමුණේ 2015/2016 වසර සඳහා සැලසුම් කළ වෙළෙඳ ඉලක්ක ඉක්මවා යමින් වාර්තාගත වෙලෙඳාමක් සමාගමට එක්කිරීම වෙනුවෙන් සිය කෘතඥතාව පළකිරීමක් ලෙසිනි.

    මෙම සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් කැළණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරි මහින්ද සරණපාල මහතා පැවසුවේ ‘හදවත් 484ක් එක හදගැස්මක්‘ යන තේමාවෙන් ව්‍යාපාරකරණයෙහි යෙඳෙන අප සමාගමේ ජීවය වන්නේ දැඩි කැපවීමකින් යුත් අපේ කාර්ය මණ්ඩලයයි. එහෙයින් වසරින් වසර සාර්ථකත්වයට පත්වන කැලණි කේබල්ස් සමාගම එම සාර්ථකත්වයට උරදුන් සේවකයන් ඇගයීම වගකීමක් හා යුතුකමක් සේ දකිනවා. එම නිසා කැළණි කේබල්ස් සමාගම සමාගමේ වෙළඳ ජයග‍්‍රහණය වෙනුවෙන් අසමසම කාර්යයක් ඉටු කළ කාර්යමණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකුට සුවිශේෂී ‘ප‍්‍රධාන විධායක සම්මානය‘ වාර්ෂිකව පිරිනමනවා. මෙම වසරේදී එම සම්මාන හිමි කරගත් සංජීව ගුණතිලක හා රොෂාන් බාලසූරිය යන මහත්වරුන් සමාගමේ වෙළඳ ඉලක්කයන් පවා ඉක්මවා යන්නට සමත් වූවන්. සමස්ත සමාගම වෙනුවෙන් මම ඔවුන්ට ශුභ පතනවා.“ යන්නය.

    කැළණි කේබල්ස් වසර 47ක් පුරා ශී‍්‍ර ලාංකේය විදුලි සම්පේ‍්‍රෂණ හා සන්නිවේදන වයර් නිෂ්පාදනයේ අත්දැකීමෙන් පිරි 100% දේශීය සමාගමකි. SLIM Brand Excellence -2012 සම්මාන උළෙලේ දී විශිෂ්ටතම ව්‍යාපාරික වෙළදනාමයට හිමිවන ලෝකඩ සම්මානය හිමිකරගත් කැළණි කේබල්ස් සමාගම SLIM Brand Excellence -2013 සම්මාන උළෙලේ දී එම අංශයේ රන් සම්මානය හිමි කරගැනීමට සමත් විය. එමෙන්ම නිෂ්පාදන කි‍්‍රයාවලි විශිෂ්ටත්වය වෙනුවෙන් පිරි නැමෙන ISO 9001: 2008 තත්ත්ව සහතිකය, කර්මාන්ත විශිෂ්ටත්ව රන් සම්මානයෙන්, ජාතික තත්ත්ව සම්මානයෙන් හා ටයිකි අකිමොටෝ 5S රන් සම්මානයෙන් පිදුම් ලබා තිබේ. තවද ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාරික සමාගම් තම සේවක පුහුනුව හා සංවර්ධනය වෙනුවෙන් සැපයෙන දායකත්වය වෙනුවෙන් පිරිනමන SLITAD People Development – 2013 සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිඳුම් ලැබීය. විදුලි සම්පේ‍්‍රෂණ හා සන්නිවේදන වයර් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ දැක් වූ වෘත්තීයමය විශිෂ්ටත්වය වෙනුවෙන් කැළණි කේබල්ස් 2008 දී ‘සුපර් බ‍්‍රෑන්ඞ්‘ තත්ත්වය හිමි කරගැනීමට ද සමත් විය. එමෙන්ම පසුගිය 2015 වසරේ ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාම සම්මානය" තිරසාර සංවර්ධනය වෙනුවෙන් පිරි නැමෙන National Green Award සම්මානය, SLIM Brand Excellence සම්මාන උළෙලේදී B2B Brand අංශයේ විශිෂ්ටත්වය හා විශිෂ්ටතම ආයතනික සමාජ සත්කාරක වෙළෙඳනාමය ලෙසින් රීදී සම්මාන දිනාගැනීමටද කැලණි කේබල්ස් සමාගම සමත් විය.

    ජායාරූප විස්තරය - ‘වසරේ විශිෂ්ටතම කලාපීය වෙළෙඳ කළමනාකරු‘ - (වමේ සිට දකුණට) චන්න ජයසිංහ (වෙළෙඳනාම ප‍්‍රවර්ධන කළමනාකරු), සුරංග පතිරණ (වෙළෙඳ කළමනාකරු ව්‍යාපෘති), දේවින්ද ලොරොන්සුහේවා (අලෙවි කළමනාකරු අපනයන), අනිල් මුණසිංහ (අලෙවි සාමාන්‍යාධිකාරී), මහින්ද සරණපාල (අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරි), සම්මාන ලාභී සංජීව ගුණතිලක, හේමමාලා කරුණාසේකර මහත්මිය (ප‍්‍රධාන මූල්‍ය නිලධාරිනි), උපුල් මහානාම (සාමාන්‍යාධිකාරී මෙහෙයුම්) හා රැල්ප් රොෂාන් (වෙළෙඳ පරිපාලක)