SVS ටින් 175ක් සමග 1ක් මාට්ටු

SVS ටින් 175ක් සමග 1ක් මාට්ටු

July 18, 2016   04:05 pm


එස්.වී.එස් නැමැති මත් කුඩු තොගයක් සමග පුද්ගලයෙකු බගවන්තලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

බගවන්තලාව පොලිස් නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී ඔහු සතුව තිබී මත් කුඩු ග්‍රෑම් 50 බැගින් ඇසුම් කළ ටින් 175ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය තහනම් කර ඇති මෙම මත් කුඩු විශේෂය ඉන්දියාවේ සිටි ආනයනය කර ඇති බව බගවන්තලාව පොලීසිය සඳහන් කළේය.

සැකකරු කොළඹ ප්‍රදේශයේ සිට මෙම මත්කුඩු රැගෙවිත් පාසල් ළමුන් සහ මැණික් පතල්කරුවන් ඉලක්ක කර ගනමින් අලෙවි කර ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු අද(18) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.