චීන විදෙස් ඇමති ගොඩබසියි

චීන විදෙස් ඇමති ගොඩබසියි

July 8, 2016   05:20 pm


චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන් යි මහතා මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර  මහතා සහ චීන විදේශ අමාත්‍ය වෑන් යී මහතා අතර  ද්වීපාර්ශවික සාකච්ඡා අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

එම සාකච්ඡාවෙන් පසු අද රාත්‍රීයේ වෑන් ඊ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට දිවයිනෙන් පිටත්වයාමට නියමිත අතර ඊට ප්‍රථම එදින පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගද  සාකච්ඡා පැවැත්වීමට නියමිතය.