හෙරොයින් සමග කත මාට්ටු

හෙරොයින් සමග කත මාට්ටු

July 4, 2016   08:20 am



ග්‍රෑන්ඩ්පාස්, පරාක්‍රමපාර ප්‍රදේශයේදී හෙරොයින් සමග කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.

දෙමටගොඩ පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඇය 35 හැවිරිදි යාය 03, රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද(04) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.