හෙරොයින් සමග හෙදිය මාට්ටු

හෙරොයින් සමග හෙදිය මාට්ටු

July 3, 2016   03:51 pm



ගාල්ල, වැලිවත්ත ප්‍රදේශයේදී  19 හැවිරිදි තරුණියක් හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

 හෙරොයින් මත්කුඩු ග්රෑම්  20 යි මිලි ග්රෑම් 10 ක් සමග ගාල්ල පොලීසියේ දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරක් මත ඇය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකාරිය හික්කඩුව, නාරිගම පදිංචි අවිවාහක අයෙක් වන බවත්, පුද්ගලික ආයතනයක හෙදියක් ලෙස සේවය කරන බවත් වාර්තා වෙයි.

තරුණිය මේ වනවිට ගාල්ල පොලිස් භාරයේ සිටින අතර අද(03) දින මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර හෙරොයින් සම්බන්ධ සිද්ධියකට මෙම සැකකරියගේ මව සහ පියාද මේ වන විට ගාල්ල බන්ධනාගාරයේ සිර භාරයේ සිටින බව වාර්තා වෙයි.

සැකකාර තරුණිය පොලීසියට පවසා ඇත්තේ පියාගේ බලකීරීම මත මෙම මත්කුඩු විටින් විට ගාල්ල බන්ධනාගාරයට රැගෙන ගොස් ලබා දුන් බවයි.

එමෙන්ම ඇගේ මවද මීට මාස 4 පෙර ත්‍ර‍ස්ත්‍ර‍ විමර්ශන ඒකකය මගින් හෙරෝයින්  ග්රෑම් 20ක් සමග අත්අඩංගුවට පත්ව ඇති බව පොලීසිය පවසයි.

 සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.