කුඩු සමග තරුණියක් අත්අඩංගුවට
July 2, 2016 09:31 am
හෙරොයින් ළඟ තබාගත් තරුණියක මෝදර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෝදර පොලිස් ස්ථානයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ තරුණිය අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
එහිදී ඇය සතුව තිබූ හොරොයින් ග්රෑම් 06යි මිලි ග්රෑම් 950ක ප්රමාණයක් පොලීසිය භාරයට ගෙන තිබේ.
සැකකාරිය 23 හැවිරිදි කොළඹ 15 ප්රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්ය.
ඇය මාළිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.