ඉල්ලීම් ඉටු නොකළොත් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙනවා
June 29, 2016 01:20 pm
අද දවස තුළ තමාගේ ඉල්ලීම් සම්බන්ධයෙන් තීන්දුවක් ලබානොදුනහොත් යහපාලන ආණ්ඩුවෙන් ඉල්ලා අස්වන බව අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන,සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.
තෙවරප්පෙරුම මහතාගේ ආධාරකරුවන් වන මව්පියන් පිරිසකගේ සිසුන් 10 දෙනෙකු මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කර නොගැනීමට එරෙහිව ඔහු විසින් පෙරේදා(27) දිනයේ සිට එම මව්පියන්ද සමග විරෝධතාවක් දියත් කර තිබිණි.
මතුගම කලාප කාර්යාලය ඉදිරිපිට මේවන විටත් උපවාසයක නිරතව සිටින තෙවරප්පෙරුම මහතා මෙම දරුවන් පාසලට ඇතුළත් කරගතයුතු බවත්,එසේ නොකළහොත් තම උපවාසය මාරාන්තික උපවාසයක් බවට පත්කරන බවත් මීට පෙරාතුව නිවේදනය කර තිබිණි.
කෙසේ වෙතත් හෙතෙම අද පෙරවරුවේ කියා සිටියේ මෙම සිසුන් පාසලට බඳවා නොගතහොත් යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වී ආණ්ඩුවට එරෙහිව දිගින් දිගටම ක්‍රියාත්මක වන බවයි.