ටී 56ක් සමග ඝාතන සැකකරුවෙක් මාට්ටු
June 15, 2016 10:34 am
ටී 56 ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු හම්බන්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
සැකකරු සතුව තිබී ටී 56 ගිනි අවියක් සහ එම ජීව උණ්ඩ 10ක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අම්බලන්ගොඩ ප්‍රදේශයේ පසුගිය මාර්තු මාසයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළව ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇති බව පොලීසිය පැවසුවේය.
සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර හම්බන්තොට පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.