ජීවිතයක් වෙනුවෙන් එවරස්ට් සිහිනය අත්හළ ලෙස්ලි

ජීවිතයක් වෙනුවෙන් එවරස්ට් සිහිනය අත්හළ ලෙස්ලි

එවරස්ට් කඳු මුදුනේ පය ගැසීම ලොව සෑම කඳු නගින්නකුගේම ඒකායන සිහිනයක්! එවරස්ට් කන්ද තරණය කිරීමට උත්සාහ කරන කඳු නගින්නන්ට ඒ අවස්ථාව හිමි වන්නේ බොහෝ දුරට ජීවිතයේ එක් අවස්ථාවක් පමණයි.

ඒ තමන්ගේ ජීවිතය පරදුවට තබා මාස ගණනාවක් මුළුල්ලේ දරන දැඩි පරිශ්‍රමයක, පුහුණු වීම් වල ප්‍රතිඵලයක් ලෙසයි.

සිය එවරස්ට් සිහිනය ඉවත දමා අනතුරට පත් තවත් කඳු නගින්නකුගේ ජීවිතය බේරා ගැනීමට සමත් වූ බ්‍රිතාන්‍ය ජාතික ලෙස්ලි බින් සිදු කළ ඒ නිර්භීත ගලවාගැනීමේ මෙහෙයුම විස්තර කෙරෙන මේ වාර්තාවට සවන් දෙන්න.

එවරස්ට් කන්ඳ තරණය කිරීමේ යෙදී සිටි බ්‍රිතාන්‍ය ජාතික හිටපු ආරක්ෂක බටයෙකු වූ ලෙස්ලි බින් තමන්ට මීටර සිය ගණනක් ඉදිරියෙන් ගිය කඳු නගින්නියක පත් වූ අනතුරකින් ඇය බේරා ගැනීමට ක්‍රියා කළේය.

හතළිස් දෙහැවිරිදි ලෙස්ලි බින්ස් බ්‍රිතාන්‍යයේ දකුණු යෝර්ක්ෂේයාර් හි උපත ලැබුවෙක්.
ඡායාරූප ශීර්ෂ වැකිය,

හතළිස් දෙහැවිරිදි ලෙස්ලි බින්ස් බ්‍රිතාන්‍යයේ දකුණු යෝර්ක්ෂේයාර් හි උපත ලැබුවෙක්.

"කොහොම හරි මට හැකි වුනා ඇය තවත් පල්ලමට වැටෙන්න නොදී අල්ල ගන්න. ඇයට ඒ මොහොතේ ටිකක් සිහිය තිබුනා, ඒ නිසා මම මගේ ඔක්සිජන් සැපයුම ගලවලා ඇයට එකෙන් හුස්ම ගන්න දුන්න. මම හිතුව කීප වරක් හුස්ම ගත්තයින් පස්සේ ආරක්ෂා සහිතව පල්ලෙහාට බහින්න ඇයට හැකි වෙයි කියලා. ඉතින් මම සුනීතාව නැවතත් ආරක්ෂක ලනු වලට සම්මබන්ධ කරලා ගැට ගහන්න උදව් වුනා. නමුත් මීටර විස්සක් යන්නත් ඉස්සෙල්ලා ඇය සිහි නැතිව ඇදගෙන වැටුනා." තමන්ට මුහුණදීමට සිදු වූ ඒ තීරනාත්මක මොහොත විස්තර කරන්නේ ලෙස්ලි බින්.

හතළිස් දෙහැවිරිදි ලෙස්ලි බින්ස් බ්‍රිතාන්‍යයේ දකුණු යෝර්ක්ෂේයාර් හි උපත ලැබුවෙක්.

සුනීතා හස්රා
ඡායාරූප ශීර්ෂ වැකිය,

සුනීතා හස්රා අනතුරෙන් පසු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී

ඉන්දියානු ජාතික කඳු නගින්නියක් වූ සුනීතා හස්රා එවරස්ට් මුදුනට ආසන්නයේ සිට මීටර පන්සීයේ සීමාව පසු කරමින් කඳු බෑවුමට වැටී අනතුරට පත් වූ අතර ලෙස්ලි සහ කණ්ඩායමේ කාරුණික සහය ඇතිව ඇය මේ වන විට සුව අතට හැරෙමින් සිටියි.