එජාපය සමග එක්වෙනවා

එජාපය සමග එක්වෙනවා

June 5, 2016   04:27 pm



ඉදිරි මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතව ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

 මේ වන විටත් තම පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතව සිටින බව අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ඉදිරි මැතිවරණවලට ද ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව සරත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

අද(05) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.