වියලි ගංජා සමග 1ක් කොටු

වියලි ගංජා සමග 1ක් කොටු

June 4, 2016   01:06 pm


ඌරුබොක්ක දොරපනේ ප්‍රදේශයේදී වියලි ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ දෙනියාය කඳවුරේ නිලධාරීන් කණ්ඩායමට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදි සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී ඔහු සතුව තිබී වියලි ගංජා කිලෝග්‍රෑම් 02ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සදහා ඌරුබොක්ක පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.