19 April, 2024

Blog

ශ‍්‍රී ලංකා පරිපාලන සේවයද? ශ‍්‍රී ලංකා පාදඩ සේවයද?

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අනුෂ පැල්පිට සහ රණවක යන රාජ්‍ය නිලධාරින් දෙදෙනාගේ වැඩ තහනම් කිරිමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත. සත්‍ය වශයෙන්ම එහිදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව මු`ථමනින්ම අසාර්ථක විය. එහෙම කියන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඒ තීරණය ගත්තේ සිය යුතුකම් නොකිරිම ගැන නිර්මාණ​යවූ මහජන විරෝධය හමුවේය. ඒ තත්ත්වය එතරම් යහපත් නැත. යහ පාලනය යටතේ ස්වාධීන කොමිෂන් සභා පත් කළේ යමක් නිරවුල්ව සිදුවෙනු දැකිමටය. එහෙත් එසේ සිදු නොවන බවට වර්තමාන රාජ්‍ය සේවා කොමිෂන් සභාව තම හැසිරිමෙන් ඔප්පු කර හමාරය. අනුෂ පැල්පිට සහ රණවක යන රාජ්‍ය නිලධාරින් දෙදෙනා සම්බන්ධ අදාල පියවර ගැනිමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට කිසිදු උපදෙසක් අවශ්‍ය නැත.

ආයතන සංග‍්‍රහයේ 47 පරිච්ඡේදයේ 31-3, සහ 31-4 ඡේදවල දැක්වෙන ප‍්‍රතිපාදන අනුව, නිලධාරියෙකුගේ හැසිරිම් සම්බන්ධව පියවරක් ගැනීමේදී යම් අභිමතයක් පවත්නා බවට කිසිදු තර්කයක් නැත. ඒ අභිමතය අනුව වජිර පැල්පිට සහ රණවක යන රාජ්‍ය නිලධාරින් දෙදෙනාට ඔහේ ඉන්න හැරියා නම් එය ලජ්ජා සහගතය. ප‍්‍රසිද්ධ කරුණු අනුව, එක් නිලධාරියෙකු චෝදනා ලබන්නේ ජනාධීපති අපේක්‍ෂකයාගේ ඡායාරූප සහිත ලිත් මුද්‍රණය කිරිමය. එකී ආයතනය භාර ඇමතිවරයා ජනාධීපති අපේක්‍ෂකයාගේ සහෝදරයා විම නිසාම ලැබුණ උපදෙස් සමාලෝචනය කළ යුතුව තිබිණ. තත්ත්වය මගහැරිය නොහැකි නම් තම නිරීක්‍ෂණ ලිඛිතව දක්වා ඊට යටත්ව කි‍්‍රයා කළ යුතුව තිබිණ. එසේ නොකිරිම තුල උක්ත නිලධාරියා ගැන විමර්ශනය කෙරිණ. ඒ අනුව ඔහු අත් අඩංගුවට ගැනිණ. එකී නිලධාරියා අත් අඩංගුවේ සිටි කාලය වරුවක් දවසක් නොවේ. ඒ කාලය තුල ඔහුගේ සේවා තත්ත්වය සටහන්ව ඇත්තේ කෙසේද? පුද්ගලික නිවාඩුද? රාජකාරි නිවාඩුද? රාජකාරි නිවාඩු නම් ඔහුට වැටුප් ගෙවා තිබේද? චෝදනාව පොදු දේපල සම්බන්ධවය. පොදු දේපල නීතිය රාජ්‍ය නිලධාරින් නැවත නැවත හැදෑරිය යුතුද යන්න විවෘත ප‍්‍රශ්නයකි.

මේජර් චන්දන ප‍්‍රදීප්

මේජර් චන්දන ප‍්‍රදීප්

අනෙක් නිලධාරියා සිල් මව්වරුන්ට නිවන් සුවයද, මහින්ද රාජපක්‍ෂට ජනාධීපති සුවයද ප‍්‍රාර්ථනා කරමින් සිල් රෙදි සපයා ගැනීමට රුපියල් මිලියන 600ක් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සොරකම් කළ එකෙකි. ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව රාජ්‍ය ආයතනයක මුදල් සිල්රෙදි මිලදී ගැනීමට වැය කළ හැකිද නැද්ද යන්න තීරණය කිරීමේ ඉඩකඩ මැනවින් තිබිණ. එහෙත් අනුෂ පැල්පිට කළේ තක්කඩි කමකි. ඔහු ඒ කාලයේ සමහර තැන්වල කියා තිබුණේ මහින්ද රාජපක්‍ෂ තම පියා වාගේ බවය. ඒ විශ්වාසය අනුෂ පැල්පිටට ඇති කළේ එයාගේ අම්මාද යන්න කිසිවෙකු අසා නැතිවා විය හැකිය. ඔහුටද තිබුණේ ඉහළින් එන නියෝගය ගැන තම නිරික්‍ෂණ දැක්විමය. එහෙත් එවැනි දෙයක් සිදුවී නැත. දෙවන සිද්ධීය පළමු සිද්ධියට වඩා විශේෂය. පොදු දේපල වැරදි ඇප දිය හැකි වැරදි නොවේ. එසේ තිබියදී එකම චෝදනාව ලත් රණවක නම් නිලධාරියා ඔහුගේ ඇමතිවරයා සමග අත් අඩංගුවට පත්ව යම් කාලයක් සිර ගතව සිටියේය. එහෙත් අනුෂ පැල්පිටට සැලකුණේ ඊට වඩා වෙනස් ලෙසකටය. මේ නිලධාරින් දෙදෙනා සම්බන්ධ කරුණු ගත් කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව තම අභිමතය පාවිච්චි කළ ආකාරය ප‍්‍රශ්න කළ යුතුව ඇත. පසුගිය සතියක දිස්ති‍්‍රක් ලේකම් තනතුරක් සඳහා නම් කළ නිලධාරියෙකු ගැන ආණ්ඩුවෙන්ම ප‍්‍රශ්න නැගිණ. ඔහුට එරෙහිව විනය පරීක්‍ෂණයක් තිබිණ. එහි ප‍්‍රතිපල රාජ්‍ය සේවා කොමිෂම වෙත ලැබී තිබිණ. එහෙත් ඒ සියල්ල යටපත් වි ඔහුට යහපත් සේවා තත්වයක් සහතික කළේ රාජ්‍ය සේවා කොමිෂමේ කොයි බලවතාද? සභාපති ධර්මසේන දිසානායක ඒ ගැන ප‍්‍රකාශයක් කළ යුතුව ඇත.

යම් හස්තයක් රණවක අනුෂ පැල්පිට යන දෙදෙනා මෙතෙක් කල් ආරක්‍ෂා කළ බව ප‍්‍රකටය. මෙහිදී සිවිල් සමාජය විමසා සිටින්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කඩප්පුලි හැසිරිමය. මේ ගැන යහ පාලන ආණ්ඩුවද යම් පැහැදිලි කිරිමක් කළ යුතුව ඇත. සිවිල් සමාජය මේවා ගැන පසු විපරම් කරන්නේ යහ පාලනය යටතේ මෙවැනි දේ සිදු නොවිය යුතුව ඇති නිසාය. රණවක සහ​ අනුෂ පැල්පිට යන දෙදෙනාගේ වැඩ තහනම් කළ සිද්ධිය සමග රාජ්‍ය ආයතනවල. අධ්‍යක්‍ෂ මණ්ඩල තනතුරු අත් හැරිමට රාජ්‍ය නිලධාරින් තීරණය කළ බව වාර්තා විය. එය පුහුල් හොරා කරෙන් දැනේ නාට්‍ය සිහිපත් වීමකි. මේ අතගා බලන්නේ එකිනෙකාගේ කර නොවේද? ඉතා පැහැදිලිව අප ආණ්ඩුවෙන් විමසිය යුත්තේ රාජ්‍ය නිලධාරින්ට එවැනි තීරණ ගත හැකිද යන්නය. සහ ඒවා ඒකපාක්‍ෂිකව ප‍්‍රකාශයට පත් කළ හැකි බවද?

නැගෙනහිර මහ ඇමති වරයාගේ හැසිරීම ගැන ප‍්‍රතිකි‍්‍රයා දැක්වූ ති‍්‍රවිධ හමුදාව ආණ්ඩුවට පිටස්තරව ප‍්‍රකාශ නිකුත් කළහ. එය පසුගියදා ආරක්‍ෂක ලේකම් විසින් නිශේධ කරනු ලැබීය. එහ හමුදා නිලධාරින් තරාතිරම ඉක්මවා යාමකි. පාලනයේ මුදුනට සම්බන්ධ ආරක්‍ෂක හමුදා රටේ සේනාධීනායකයා නොවිමසා එවැනි තීන්දු ගැනිම හුරතලයක් නොවේ. වජිර පැල්පිට සහ රණවක යන රාජ්‍ය නිලධාරින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව කි‍්‍රයා කළ ආකාරය මෙන්ම වජිර අබේවර්ධන ඇමතිවරයා කි‍්‍රයා කළ ආකාරයද තරාතිරම් ඉක්මවා යාමකට වඩා දෙයක් නැත. ජේ.ආර්. ජයවර්ධන ස්වදේශ ඇමති ලෙස පත් කළේ ආර්.ඩබ්ලිව්. දේවනායගම්ය. ආර්. පේ‍්‍රමදාස ස්වදේශ ඇමති ලෙස පත් කළේ යූ.බි. විජේකෝන්ය ශී‍්‍ර ලංකා මහ බැංකුව තමන් යටතට ගෙන අර්ජුන මහ බැංකු අධිපතිකමට පත් කළ රනිල් වික‍්‍රමසිංහ ස්වදේශ ඇමති ලෙස වජිර අබේවර්ධන පත් කිරිම ගැන අප කරදර විය යුතු නැත. ගමේ කියන්නේ ලබු වැලේ පුහුල් හැදෙන්නේ නැති බවය. ඒ අනුව වජිර අබේවර්ධන වැනි දේශපානඥයන් ගැන සහතික දිය නොහැකිය.

එහෙත් ප‍්‍රවීන රාජ්‍ය නිලධාරින් දෙදෙනෙකු ලෙස අප විශ්වාස කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ධර්මසේන දිසානායක තමන් ගැන ස්වයං විවේචනයක් කළ යුතු තැනට පත්ව හමාරය. සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික රනුග්ගේ විසින් ඉහත කී එක් නිලධාරියෙකු නිර්දෝෂී බව දක්වා ඇමති වරයාට නිරික්‍ෂණ වාර්තාවක් සපයා තිබිම බරපතල තත්වයකි. මේවා රටට හිතකර අභ්‍යාසයන් නොවෙති. පරිපාලන නිතිය කි‍්‍රයාත්මක කිරිමට ඉහළ රාජ්‍ය නිලධාරි තන්ත්‍රය සැලෙයි වෙව්ලයි නම් පපවත්නා තත්වය තේරුම් ගැනීම ඉතා පහසුය. පරිපාලන සේවා නිලධාරින් රංචු ගැසෙමින් යහ පාලනයට යම් යම් අභියෝග කරමින් සිටිති. ඉහළ රාජ්‍ය නිලධාරි තන්ත්‍ර​ය ගෙවුණ වසර නවයක රාජකාරි සඳහා භාවිතා කළේ ආයතන සංග‍්‍රහය හෝ මුදල් රෙගුලාසි නොවේ. මහින්ද චින්තන ක‍්‍රම වේදයයි. සිල් රෙදි දුන්නේද, සොහොන් බැන්දේද, ලිත් ගැසුවේද, සමහරු මැතිවරණ ව්‍යාපාර මෙහෙයවන ලද්දේ ඒ අනුවය. ඔවුන් අමාත්‍යාංශ ලේකම් තනතුර දරමින් ඡන්ද රැස්විම් ඇමතූ ගෝඨාභය රාජපක්‍ෂගේ මානසිකත්වයෙන් මේ අමනයන් තවමත් කි‍්‍රයා කරති. නව පාලන රාමුව තුල ඔවුන් මු`ථ ශක්තිය යොදන්නේ රට දියුණු කිරිමට නොවේ. සහෝදර නිලධාරින් ගලවා ගැනීම පිණිසය. ඉහළ රාජ්‍ය නිලධාරියෙකු දූෂණ චෝදනාවකට අධිකරණයට යටත් කළ විට ඒ බව නොදැන සිටීම, ඔවුන් ගැන ආයතන සංග‍්‍රහය අනුව කි‍්‍රයා නොකර සිටිම ගැන වගකිව යුත්තෝ බොහෝය. ඔවුන් තම වගකීම කාර්යාලයට සීමා කළ නොහැකිය. ඔවුන් යන්නේ එන්නේද රජයේ වාහන වලිනි. ඒ තක්කඩි හැසිරිම ඔවුන්ට යහපත් විය හැකිය. එහෙත් රටට, රටේ පාලනයට ඔවුන් හූනියකි.

මහින්ද චින්තනයේ උත්තේජනයෙන් තම අමනකම් මත බඩ පිනුම් ගසන්නෝ අමතක කළ ඉතිහාසයක් ඇත. මාලක සිල්වා එනම් ආචාර්ය මර්වින් සිල්වාගේ අතිජාත පුත්‍රයා බුද්ධි හමුදා සාමාජිකයෙකුට බරපතල තුවාල සිදුවන ලෙස පහර දෙනු ලැබිය. පහර කෑ බුද්ධි අංශ සාමාජිකයා නමින් චන්දන ප‍්‍රදීප් නම් විය. ඔහු මේජර් වරයෙකි. සිද්ධිය සිදුවූ සැනින් හමුදා ප‍්‍රධානියෙකු කීවේ මේජර් චන්දන ප‍්‍රදීප් එකී ස්ථානයට ගියේ නිල කටයුත්තක් සඳහා බවය. එහෙත් එක් දිනක ගෙවුන පසු කුමක් සිදුවිද? තවදුරටත් මේජර් චන්දන ප‍්‍රදීප් බුද්ධි අංශ සාමාජිකයෙකු හෝ රණවිරුවෙකු ලෙස සැලකුණේ නැත. අනවසරයෙන් රාති‍්‍ර සමාජ ශාලාවකට රිංගා ගත් අපතයෙකි. ප‍්‍රභූ වරයෙකුගේ දරුවෙකුට පහර දුන් තක්කඩියෙකි. මු`ථ රටම දන්නා අර කුමාරයා වෙනුවෙන් මේජර් චන්දන ප‍්‍රදීප් එසේ අවතක්සේරු කිරිමට හමුදා නිලධාරින් පුරෝගාමි විය. අද නැගෙනහිර මහ ඇමතිට බලයෙන් පිටපැන තහංචි පණවන්නේ මේජර් චන්දන ප‍්‍රදීප් තනිකළ හමුදා නිලධාරින්මය. මේ ආවේගය ඉල්පීම දේශපාලන එකකි. ඒ චෝදනාව කරන්නේ මේජර් චන්දන ප‍්‍රදීප්ට සැලකූ සිද්ධිය සමග ගලපලාය. එදා මුලින් මේජර් චන්දන ප‍්‍රදීප් රාජකාරියට ගිය බවකී ඔහුගේ ප‍්‍රධානියා පසුව නිහඬ වුණේ ඔහුගේ ආත්ම ආරක්‍ෂාව ගැන කල්පනා කරමිනි. එපමණක් නොවේ, ඇස් වාට්ටුව අසලදී ඒ ප‍්‍රභූ තරුණයාට මදි නොකියන්න ගුටි වැදිණ. ඒ සිද්ධියට ඇ`ගිල්ල දිගු කෙරුණේ ආරක්‍ෂක අංශ නිලධාරින් වෙතය. ඒ සිද්ධිය පසුපස නිතිය හඹා ගියේ නැත. වර්තමානයේ ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානින් මේ කරන උත්සහයට අපමණ අගයක් නොලැබෙන්නේ ඒ විරෝධය ආවේගය සද්භාවි අවංක නොවන නිසාය. මාලකගෙන් මේජර් චන්දන ප‍්‍රදීප් ගුටි කන විට ඔහු රණවිරුවෙකු ලෙස නො සැලකිණ. අද නැගෙනහිර මහ ඇමතිගේ වාග් ප‍්‍රහාරයට ලැබෙන වටිනාකම කෙසේද? මේ සියල්ල පිරිහුණ දේශපාලන පංචස්ඛන්ධයක් කෙලින් කරන වෑයමකි. රණ විරුවන් කි විට කාටත් ඇතිවන උද්යෝගයේ පොලිය රාජපක්‍ෂ ව්‍යාපෘතියට බැර කිරිම යටි අපේක්‍ෂාව වේ. ඉන් උත්සාහ කරන්නේ රට අනාගතයට නොව අර අතීතය වෙත ගෙන යාමය. මේ උත්සාහයන් ආණ්ඩුව පරාජය නොකළොත් රටම නැවත අනතුරට පත්වනු නියතය. රට නව ගමනක් සඳහා අවතිර්ණව ඇත. ඊට අවශ්‍ය අතහිත දෙමින් ජාත්‍යන්තරය අපට ලෙන්ගුව සිටියි. ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ලෙස රටේ නීතිය නීතිය පාලනය නැටවූ අවිචාර සමය අවසන්වූ නිසාය. ඊට මුල්වූ ජනතාවට සන්සුන් අනාගතයක් සැකසිම පිණිසය.

රාජ්‍ය නිලධාරින් හමුදා නිලධාරින්ට වෙනස් ය. ඔවුන් රටේ භාර කරුවන් වෙති. රාජ්‍ය සේවය ගොඩ නැගුණේ ව්‍යාප්ත වුණේ ජනතාව හඳුනා ගත්තේ එසේය. එහෙත් තම සාමාජිකයෙකු කළ නීති විරෝධි කි‍්‍රයාවත් සම්බන්දව නීතිය කි‍්‍රයාත්මක වන විට, රාජ්‍ය නිලධාරින් ආණ්ඩුවට අභියෝග කිරිම අප දරා ගත යුත්තේ කෙසේද? විගණන පනත් කෙටුම්පත ගැන වඩාත් උරණව සිටින්නේ ශී‍්‍ර ලංකා පරිපාලන නිලධාරින්ගේ සංගමය යි. ඒ සංගමය තමන්ට ලැබෙන්නට යන අධීකාරි බලය අවම කර ගැනිමට උත්සාහ කරයි. ඒ රටට ආදරය නිසා නොවේ. පරිපාලන නිලධාරින් මෙසේ යහ පාලන ආණ්ඩුවේ කකුලෙන් අදින්නේ රටට ඇති ඇල්ම නිසා නොවේ. තමන්ගේ අතීත කැරැුට්ටු හෙළිවි හිරේ විලංගුවේ වැටෙන සාමජිකයන් වෙනුවෙනි. අබ කෑ හැම එකාගේම මොලය දනවා යන්නට පරිපාලන සේවයේ වර්තමාන හැසිරිම හොඳ උදාහරණයකි.

ගෙවුන නව වසර තුල සමහර ඉහළ පරිපාලන නිලධාරින් සාවද්‍ය ලෙස ලබාගත් ගමන් වියදම් සහ උපවේෂණ දිමනා ගැන කෙරුණ විගණන හෙළිකිරිම් බොහෝය. ඉන් එක් නිලධාරියෙකුට හෝ එරෙහිව කි‍්‍රයා කර තිබේද යන්න වඩාත් හොඳීන් දන්නේ ඒ නිලධාරි පැලැන්තියමය. ඒ හැම අවස්ථාවකම තමන් ලබාගත් සාවද්‍ය මුදල ආපසු ගෙවා දැමුවා මිස ඊට අධීභාරයක් හෝ අය කිරිමට කි‍්‍රයා කර නැත. රාජපක්‍ෂ පාලනය හරහා තම සාක්කු පුරවා ගත් මේ අය නීතිය කි‍්‍රයාත්මක වීම හමුවේ බියවී සිටිති. ඔවුන් රටේ පවත්නා පාලනයට, පරිපාලන හා මුදල් රෙගුලාසිවලට වෛර කරති. විමල් විරවංශ ඇමති වරයාගේ තක්කඩිකම් වලට නිවාස අමාත්‍යාංශයේ සේවය කළ එක් ලේකම් වරයෙකු ඉඩ දුන්නේ නැත. එයින් කිපුණ විරවංශ ලේකම් බිත්තියට හේත්තු කර තමා ඉදිරියේම මුෂ්ඨී ප‍්‍රහාර කිහිපයක් එල්ල කරවීය. ඒ අවුසදහාමි නම් ගෝලයා ලවා ය. අද වීරවංශට නැගෙන වංචා චෝදනා ඒ යුගයේ අවංක නිලධාරින් පන්නා කළ කෙළි සෙල්ලම්වල දෙවන පරිච්ෙඡ්දයයි. අර පහර දීම ගැන පරිපාලන සේවා සංගමය කරබා සිටියහ. ඒ ගැන ගාමිණි සේදර හෝ කතා කළේ නැත. එකමරාජ්‍ය නිලධාරියෙකු හෝ කට ඇරියේ නැත. ඒ පහර කෑ ලේකම් වරයා හොරෙකු තක්කඩියෙකු නොවේ. ඔහු සහකාර ලේකම් ලෙස ජනාධීපති කාර්යාලයට ගෙන්වා ගත්තේය. ඒ සිද්ධිය ගැන අද වනතෙක් විමසිමක් හෝ සිදුකර තිබේද?

මොනරාගල දැයට කිරුළ රාජකාරි අතර, ටෙන්ඩර් ක‍්‍රම මගඩියක් නිසා අතිරේක ලේකම් වරියක පැය 24ක් තුල පොලිසියට භාරදෙන ලදි. ඒ ලේකම්වරයාගේ හොරා කෑමට විරුද්ධවූ නිසාය. ඒ සිද්ධිය ගැන දතකට පූට්ටුවී සිටි අමන පරිපාලන නිලධාරි සංගමය අනුෂ පැල්පිටලා, රණවකලා දඩයම් කරතී බුරන්ට පටන් ගෙන ඇත. ඔවුන් රාජපක්‍ෂලාගේ පිහිටෙන් අතීතයේ විළඳ මීපැනි වැළඳු හෙයින් පරම්පරා 7ක් කැඹිරිය යුතුව ඇත. මෙවැනි පැවැත්මක් සහිත ආත්ම හීන නිලධාරින් රාජපක්‍ෂලා වෙනුවෙන් ප‍්‍රකාශ නිකුත් කරති. ගෝඨාභය අල්ලස් කොමිසමට කැඳවූ දවසේ භීක්‍ෂුන් පිරිසක් පිරිත් කියන මුවාවෙන් නැටූ නාඩගම රටම බලා සිටියහ. මහින්දට සිතාසි ලැබුණ පසුව නිමල් සිරිපාලලා, දිනේස්ලා, විරවංශලා පාර්ලිමේන්තවේ නිදා ගත්හ. අනුෂ පැල්පිට රණවක රකින්නට පරිපාලන නිලධාරින් රාජකාරි වලින් ඉවත් වෙති. මෙතන ඇත්තේ විලි ලජ්ජාව පිළිබඳ ප‍්‍රශ්නයකි. මේ අය විශිෂ්ඨ සිවිල් සේවයට ඊට අනුගාමි පරිපාලන සේවයට කරන්නේ බරපතල අගතියක. මෙයින් සමහර පරිපාලන නිලධාරින් ජනවාරි මැතිවරණය සඳහා ප‍්‍රාදේශීය ලේකම්වරු කැඳවා මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ප‍්‍රචාරක කටයුතු කළෝ වෙති. මේ තර්ජනය හරහා එකක් පැහැදිලිය. අනුෂ පැල්පිට සිල් රෙදි සඳහා මුදල් වෙන් කරන විට, රණවක බැසිල් සමග ඡුන්ද කරන විට, මේ අයියලාද විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කළ බවය. ඒ අය නැවත ලේකම් තනතරු සඳහා පත් කළේ පොදු සමාවක් යටතේ ය. ඔවුන් ඉන්නේ පරිවාස කාලයේ බව යහ පාලකයන් ඔවුන්ට සිහිපක් කළ යුතුවේ.

යහ පාලන යුගයේ නිර්මාතෘ වරයානෝ මාදු`ථවාවේ සෝබිත හිමියන් වෙති. උන්වහන්සේ රාජපක්‍ෂලාට හුරුවූ මේ තක්කඩින් ගෙන් ප‍්‍රවේසම් වෙන ලෙස දින සියයේ ආණ්ඩුවට අවවාද කළහ. එතුමා යෝජනාවක කළහ. යම් කාලයක් දක්වා, අමාත්‍යාංශ ලේකම් තනතුරු සඳහා විශ‍්‍රාමික කීර්තිමත් රාජ්‍ය නිලධාරින් යොදා ගන්නා ලෙසය. ඒ සඳහා නාම ලේඛනයක් පවා පිළියෙල කර යවන ලදහ. අද ආණ්ඩුව අත් විඳීන මේ අවදානම සෝබිත හාමුදුරුවෝ කල්තබා දුටහ. අදටත් ඒ යෝජනාව වලංගුය. දූෂණ චෝදනා එල්ලවූ නිලධාරින්ට පරිපාලන නීතිය කි‍්‍රයාත්මක නොකර ඔවුන් රැුකිම බරපතල කුමන්ත‍්‍රණයකි. මෙහෙම වන්නේ පරිපාලන සේවයේ පල් හෝරුන් විශ්වාස කළ නිසාය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.