පාසල් සිසුවෙක් සියදිවි නසාගනියි

පාසල් සිසුවෙක් සියදිවි නසාගනියි

May 30, 2016   09:22 am

ගල්කිරියාගම, ගිරිනේගම ප්‍රදේශයේ නිවසක් තුළ පාසල් සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

පොලිසිය පැවසුවේ මාතලේ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 13 හැවිරිදි සිසුවෙකු මෙලෙස ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගෙන ඇති බවයි.

මේ අතර මෙම සිසුවා විසින් ලියන ලද ලිපියක් ද අදාළ නිවසේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ගල්කිරියාගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.