මහනුවරත් පාසල් කිහිපයක් වැසෙයි

මහනුවරත් පාසල් කිහිපයක් වැසෙයි

May 17, 2016   07:42 pm


අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර ධර්මරාජ,මහමායා බාලිකා විද්‍යාලය,පුෂ්පදාන බාලිකා විද්‍යාලය,විද්‍යාරත්න ප්‍රාථමික විද්‍යාලය යන පාසල් හෙට සහ අනිද්දා යන දෙදිනයන්හි වසා ඇති බව නිවේදනය කර තිබේ.

එසේම වයඹ පළා‍තට අයත් පාසල් 25ක් පමණ තාවකාලිකව වසදැමීමට පියවර ගෙන ඇති අතර පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණ ගැනීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරා ඇත.