හෙට කොළඹ/ගම්පහ පාසල් වැහෙන්නේ මෙහෙමයි

හෙට කොළඹ/ගම්පහ පාසල් වැහෙන්නේ මෙහෙමයි

May 17, 2016   09:01 pm


 පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල පාසල් රැසක් හෙට දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පළාත් අධ්‍යාපන ලේකම් එස්.ජී.විජේබන්දු මහතා සඳහන් කළේ ජල ගැලීම් හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් පාසල්වල රඳවා තැබීම හා පාසල් පැමිණීමේදී සිසුන්ට වන අපහසුතාව සලකා මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව  හෙට දිනයේ ගම්පහ කලාපයට අයත් ගම්පහ කොට්ඨාසයේ සියලුම පාසල්,කැළණිය කලාපයට අයත් සියලුම පාසල්,හෝමාගම කලාපයට අයත් හංවැල්ල කොට්ඨාසයේ සියලුම පාසල් හෙට දින වසා තැබෙයි.

එමෙන්ම පිළියන්දල  කලාපයට අයත්  මොරටුව කොට්ඨාසයේ සියලුම පාසල්,ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයට අයත් කඩුවෙල හා කොළොන්නාව කොට්ඨාසවලට අයත් සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.