සංවිධායකවරු පත් කිරීම-ඉවත් කිරීම නීත්‍යානුකූලයි
May 8, 2016 12:16 pm
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් පත් කිරීම සහ ඉවත් කිරීම සිදුකරනු ලබන්නේ නීත්‍යානුකූලව බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පක්ෂයේ සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ සියළු පත් කිරීම් සහ ඉවත් කිරීම් නිවැරදිව සිදුකර ඇති බවයි.
තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිරියාල ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම නීත්‍යානුකූල නොවන බවට සාලින්ද දිසානායක මහතා ඊයේ(07) ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉබ්බාගමුව පාන්ගොල්ල ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත හමුවකදී සාලින්ද දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.