ශ්‍රී ලංකන් ඒකාබද්ධ කිරීම රටේ ඉදිරි පියවරක්
April 27, 2016 12:36 pm
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලික ව්‍යවසායකයෙකු හෝ සමාගමක් සමග ඒකාබද්ධ කිරීමට තීරණය කිරීම රටේ ජනතාවගේ අනාගත අභිවෘද්ධිය පිළිබඳ සිතා ගත් පියවරක් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ශ්‍රීලන්කන් සමාගම දෛනිකව ලබන පාඩුව ඩොලර් වලින් පැවසුවද එය සාමාන්‍ය ජනතාවට අවබෝධයක් නැති බවත්, පැවසූ ඒ මහතා උදාහරණයක් ලෙස එහි සමස්ත පාඩුව හම්බන්තොට වරාය වගේ වරාය 4ක් හැදීමටත්, අධිවේගය වගේ පාරවල් 2ක් හැදීමටත් යන මුදලක් යැයි ඒ මහතා පැවසීය.
කෙසේ වුවද ශ්‍රීලන්කන් සමාගමේ ණයබර ගෙවීම වගකිව යුතු රජයක් ලෙස බාරගන්නා බවත්, ජාත්‍යන්තර උපදේශන සමාගමක සහයෙන් එහි කටයුතු විශ්වාසවන්තදායක ආයතනයකට පවරා එහි කටයුතු නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ මහතා කීවේය.