ගංජා කිලෝ 220ක් සමග 3ක් කොටු
April 26, 2016 09:28 pm
කේරළ ගංජා ජාවාරමකට සම්බන්ධ ප්රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
නවගත්තේගම මහඅන්දරවැව ප්රදේශයේ දී නවීන පන්නයේ මෝටර් රථයකින් කේරළ ගංජා තොගයක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී ඇත.
මෙම මෝටර් රථයේ ගමන් මළු 09ක් තුළ තිබී පාර්සල් 110ක ගංජා කිලෝග්රෑම් 220ක් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙම කේරළ ගංජා තොගය යාපනය, ගුරුනගර් ප්ර දේශයේ සිට මෝදරට ප්රවාහනය කරමින් තිබු බව සැකකරුවන්ගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වල දී අනාවරණය වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි සහ 32 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු බව සඳහන්ය.
මේ අතර මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මෙම ජාවාරමට සම්බන්ධ ප්රධාන සැකකරු නවගත්තේගම පොලීසිය විසින් පුත්තලම නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු 43 හැවිරිදි කොළඹ 12 ප්රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තබාගෙන මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරයි.