ආසියානු රටවල් අතරින් ශ්‍රී ලංකාවට තැනක්
April 26, 2016 12:28 pm
ඩෙංගු රෝගය පාලනය කිරීමේ නව එන්නතක් පිළිබඳ පර්යේෂණ සිදුකිරීම සඳහා ආසියානු රටවල් අතරින් ශ්‍රී ලංකාව තෝරාගෙන තිබේ.
අදාළ එන්නත පිළිබඳ පර්යේෂණ සිදුකිරීම සඳහා ලෝකයේ රටවල් 10ක් තෝරාගෙන ඇති අතර ආසියාවෙන් තෝරාගෙන ඇති එකම රට වන්නේ ශ්‍රී ලංකාව බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
අමෙරිකාවේ සහ ජපානයේ ක්‍රියාත්මක වන එන්නත් පර්යේෂණ ආයතනය විසින් අදාළ එන්නත පිළිබඳ පර්යේෂණය සිදුකරන අතර ඒ සඳහා ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදුකර තිබේ.
ඒ අනුව ඩෙංගු මදුරු අවදානම වැඩි වශයෙන් පවතින කොළඹ දිස්ත්‍රික්කයේ ළමුන් 4000ක් පමණ තෝරාගෙන අදාළ එන්නත මාත්‍රා දෙක බැගින් ලබා දී එම පර්යේෂණය සිදුකිරීමට නියමිතය.
පර්යේෂණය සාර්ථක වුවහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය යටතේ ඉදිරියේ දී අදාළ එන්නත ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.