පුපුරන ද්‍රව්‍ය ඇඳුම වෙනුවෙන් විදෙස්ගත දෙදෙනෙක් හොයයි

පුපුරන ද්‍රව්‍ය ඇඳුම වෙනුවෙන් විදෙස්ගත දෙදෙනෙක් හොයයි

April 13, 2016   02:50 pm


යාපනය,චාවකච්චේරි ප්‍රදේශයේ නිවසකින් හමුවු මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.

 මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන්  සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් මෙම ප්‍රධාන සැකකරුගේ දුරකථන තොරතුරු පරික්ෂා කිරීමේ දී මොහු මෙම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සමග සබඳතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

 ඒ අනුව මෙම සිද්ධියට මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ සෘජු සබඳතාවක් පවතින බවට පොලීසිය සැක පළකරයි.