ගුරු සංගමය-ගුරු සේවා සංගමය ගැටෙයි!
April 11, 2016 03:43 pm
ලංකා ගුරු සංගමයට එරෙහිව රුපියල් මිලියන 50ක වන්දි ඉල්ලා නඩු පැවරීමට ලංකා ගුරු සේවා සංගමය තීරණය කර තිබේ.
එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ ලංකා ගුරු සංගමය විසින් එම සංගමයට අයත් පුවත්පතක තම සංගමයට අපහාස වන පරිදි අසත්‍ය කරුණු ඇතුළත් ලිපියක් පළ කර ඇති බවයි.
දින 10ක් ඇතුළත එම අසත්‍ය කරුණු ප්‍රසිද්ධියේ ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කළ යුතු බව මහින්ද ජයසිංහ මහතා එන්තරවාසියක් යොමුකරමින් ලංකා ගුරු සංගමයට දැනුම් දී තිබේ.
එසේ නැතහොත් රුපියල් මිලියන 50ක වන්දි ඉල්ලා ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් මහතාට සහ එම සංගමයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.