අත්අඩංගුවේ සිටි ධීවරයින් 96ක් ඉන්දීය රජයට භාරදෙයි

අත්අඩංගුවේ සිටි ධීවරයින් 96ක් ඉන්දීය රජයට භාරදෙයි

April 10, 2016   09:56 am





මෙරට අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 96 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදී තිබේ.

නාවික හමුදාවට අයත් නෞකාවක් සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක් මඟින් අදාළ ධීවරයින්  කංකසන්තුරයට උතුරින් වූ ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත රැගෙන ගොස් තිබුණි.

එහිදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා දෙකකට අදාළ ධීවරයින් භාරදුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා පැවසුවේය.

මේ අතර ඉන්දීය අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක්ද එහිදී  ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාරදී තිබේ.

ශ්‍රී ලාංකික ධීවරයින්  09 දෙනෙකු මෙලෙස ඉන්දියාව විසින් භාරදුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.