වගකීම් ඉටුකරන නිලධාරීන් වෙනුවෙන් රජය පෙනී සිටිනවා

වගකීම් ඉටුකරන නිලධාරීන් වෙනුවෙන් රජය පෙනී සිටිනවා

March 29, 2016   05:30 pm



නිසිලෙස රාජකාරී ඉටුකරන නිලධාරීන්ට වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණවලට පෙනී සිටීමට සිදුනොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා සඳහන් කළේ වර්තමානයේ ඇතැම් රාජ්‍ය සේවකයින් මූල්‍ය වංචා පිළිබඳ පරීක්ෂණවලට පෙනී සිටීමට සිදුවනු ඇතැයි සිතා ලිපිගොනුවලට අත්සන් තැබීමෙන් වැළකී සිටින බවයි.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 33 වන වාර්ෂික මහා සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

මහජනතාව වෙනුවෙන් තම වගකීම් නිසිලෙස ඉටුකරන නිලධාරීන් වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.