චීන ජාතිකයා මුහුදට බිලි

චීන ජාතිකයා මුහුදට බිලි

March 28, 2016   09:27 am



වැලිගම, මිරිස්ස උඩුපිල මුහුදු තීරයේ දියනෑමට ගිය විදේශීය ජාතිකයෙකු දියේ ගිළී මියගොස් තිබේ.

දියේ ගිළීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ  අදාළ පුද්ගලයා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ චීන ජාතිකයෙකු බව  සඳහන්ය.

මෘත ශරීරය මාතර රෝහලේ තැන්පත් කර ඇති අතර  වැලිගම පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.