ලබන ඉරිදා ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත් කරයි

ලබන ඉරිදා ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත් කරයි

March 10, 2016   12:20 pm


   
‍ලබන ඉරිදා ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත් කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කළේ අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය ගලගම ශ්‍රී  අත්තදස්සී නාහිමිගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එදින සිදුකිරීමට නියමිත බැවින් මෙම තීරණය ගත් බවයි.

මහනාහිමිගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පවත්වන ආකාරය පිළිබද සාකච්ඡා කිරීම සඳහා ආදාහන කමිටුව අද(10) පෙරවරුවේ රැස් වුණි.

ඒ සඳහා දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑල, මධ්‍ය පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේ  සහභාගී  වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව ආදාහන පූජෝත්සවය ලබන ඉරිදා පස්වරු 2.30ට මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට එහිදී තීරණය වී තිබේ.