ජනපති මෛත්‍රී - ඔස්ට්‍රියා ජනපති හමුවෙයි
February 19, 2016 04:37 pm
ඔස්ට්‍රියාවේ සංචාරයේ නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරට ජනාධිපති හයින්ශ් ප්රිෂර් මහතා අතර හමුව මීට ස්වල්ප මොහොතට පෙර සිදුව තිබේ.
මේවන විට පැවැත්වෙන රාජ්‍ය නායකයින් දෙදෙනා අතර වන ද්විපාර්ශ්වික සාකච්ඡා දෙරට අතර මිත්‍ර සබඳතා තහවුරු කරගනු පිණිස ඉවහල්වනු නිසැකය.
පසුගියදා ජර්මනියේ සංචාරයක් ආරම්භ කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ සිය ජර්මන් සංචාරය නිම කරමින් ඔස්ට්‍රියාව බලා පිටත්ව ගියේය.
ජර්මන් සංචාරයේදී ජනාධිපතිවරයා, ජර්මන් ජනාධිපතිවරයා, ජර්මන් විදේශ ඇමතිවරයා මෙන්ම ජර්මන් කතානායකවරයා සහ ජර්මන් චාන්සල ඇන්ජෙලා මාර්කල් මුණගැසී සාකච්ඡා සිදු කරන ලදී.
මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට වැදගත් තීන්දු තීරණ රැසක් ලබා ගැනිමට හැකි වූ අතර යුරේ මිලියන 14ක මූල්‍ය ආධාර මෙරටට ලබා ගැනිමට හැකිවිය.
මේ අතර ඔස්ට්‍රියා සංචාරයේදී ජනාධිපතිවරයා එරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් මුණගැසී සාකච්ඡා කිරිමට නියමිතව ඇති අතර
මෙම සාකච්ඡා ද ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.