Main Image By:www.thelondoneveningpost.com

aaaaaරොශේන් චානකගේ මව
‘‘අපි අද දුන්න ලිපියට පිළිතුරක් සති දෙකකින් ලබා දෙනවා කියලා කිව්වා. මගේනුත් ලිපියක් වෙනමම ගත්තා.‘‘

කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා බහුතරයක සේවක සේවිකාවන් විසින් රාජපක්ෂ ආණ්ඩුව විසින් යෝජනා කර සිටි විශ්‍රාම වැටුපට එරෙහිව විරෝධතාවයන් පැවැත්වූයේ 2011 මැයි මස දීය. 2011 මැයි මස 30වන දින කටුනායක නිදහස් වෙළ කලාපය තුළ එම විරෝධතාවයන් දියත් වුනු අතර එයට පොලීසිය වෙඩි තබන ලද්දේ කිසිදු ආකාරයේ නීතිමය තත්ත්වයන් ද නොසලකා හරිමිනි. එම වෙඩි තැබීමෙන් නිදහස් වෙළද කලාපයේ සේවක සේවිකාවන් විශාල ප්‍රමාණයක් තුවාළ වු අතර තවත් පිරිසක් ආබාධිත තත්ත්වයට පත් වෙමින්, ඉන් එක් අයෙක් මිය ගියේ ය. ඔහු රොශේන් චානකය.

රොශේන් චානක මිය ගියේ පොලීසිය තැබු වෙඩි පහරකින් වුවත් එවකට තිබූ රාජපක්ෂ ආණ්ඩුව රොශේන්ට යුක්තිය ඉටු කිරීම හිතා මතාම මග හැරියේය. නමුත් වෘත්තීය සමිති ඇතුලු සිවිල් සමාජය තුළින් නැගී ආ විරෝධතාවයන් හමුවේ රාජපක්ෂ ආණ්ඩුව විසින් එම ඝාතනය පිළීබද සේවීම සදහා මහානාම තිලකරත්න, හිටපු විනිසුරුවරයාගේ මූළිකත්වයෙන් කමිටුවක් පත් කිරීමට සිදු විය. එම කිමිටුව සිය නිරීක්ෂණ, නිගමන ඇතුලත් වාර්තාව මීට වසර කිහිපයකට පෙර හිටපු ජනාධිපති රාජපක්ෂ වෙත භාර දුන්නද එය ප්‍රසිද්ධ කිරීම කෙසේ වෙතත් රොශේන්ගේ මටවත් එය ලබා දුන්නේ නැත. එය අද දක්වාම ඇත්තේ රහස් ලියවිල්ලක් ලෙසය. ජනවාරි 8වනදායින් පත් වූ නව ආණ්ඩුව තුළද අද දක්වාම එය රහස් ලියවිල්ලකි.

නමුත් පසුගිය කාලය පුරාම රොශේන්ගේ මවත් සිවිල් සමාජ සංවිධානත් එම වාර්තාව ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතා පැවැත් වූ අතර ඒවාට කිසිදු ප්‍රතිචාරයක් පැවති රාජපක්ෂ ආණ්ඩුව විසින් දැක්වූ යේ නැත.

එම තත්ත්වය තුළ එම වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලමින්,‘යහපාලන‘ ආණ්ඩුවේ ජනාධිපති ලේකම් හමු වීම සදහා රොශේන් චානක ගේ මව සහ ‘නිදහස් වෙළද කලාප සහයෝගීතාවය‘ අද ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ ය.

එහිදී ජනාධිපති ලේකම්වරයා පවසා තිබුනේ සති දෙකක කාලයක් තුළ මහානාම තිලකරත්න වාර්තාව එළි දැක්වීම පිළිබද ඔවුන්ගේ තිරණය ලිඛිතව ඔවුන් වෙත දැනුම් දෙන බවයි.

ඒ පිළිබද අදහස් දක්වමින් බ්‍රටෝ ප්‍රනාන්දු පවසා සිටියේ,

Brito Fernando‘‘නමුත් එයා පොරොන්දු උනා, මහානාම තිලකරත්න වාර්තාව එළිදැක්වීම පිළිබදව ලිඛිතව අපට පිළිතුරක් ලබා දෙන බව. ඒ වගේම එයාගේ ඉල්ලීමක් උනා රොෂේන් චානකගේ අම්මාගෙනුත් පුද්ගලික ඉල්ලීමක් ඉදිරිපත් කරන්න කියලා ඔහු කිව්වා. අපි ඒ ඉල්ලීම් දෙකම ඉදිරිපත් කරා. අපි විශ්වාස කරනවා ඔහු අපිට පිළිතුරක් ලබා දෙයි කියලා. හැබැයි අපි ඒ මහත්තයාට කිව්වා අපේ සිරිත තමයි සති දෙක ඇතුලත පිළිතුරු නැතිනම් අපි ආපහු එනවා කියලා. නමුත් අපි කණගාටු වෙන්නේ, ඒ කියපු දේ ‘සංවිධාන විසින් දෙන ළද ලිපි එහේ ලියාපදිංචි කරන්නේ නැතිය, ඒවාට උත්තර දෙන්න බැදිලා නැහැයි‘ කියන කතන්දරේ නම් මහා ගොං, මෝඩ, තකතීරු අදහසක් කියලයි අපි හිතන්නේ. නමුත් අපි කියන්නේ ඒකට මැදිහත්වෙලා ඉන්න පුද්ගලයෙක් හරි සංවිධානයක් හරි එවන ලිපි වලට මැදිහත්වීමේ වගකීමක් ඔහුට තියනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා සති දෙකකින් පිළිතුරක්, මහානාම වාර්තාව ඉදිරිපත් කරනවාද නැද්ද කියලා.‘‘