වාහන බලපත්‍රය ආයෙමත් ඉල්ලා රජයේ වෙදුන් උසාවි යයි
December 22, 2015 09:23 am
රජය විසින් මෙතෙක් කල් ලබාදුන් තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට ගනු ලැබූ
තීරණයට එරෙහිව රජයේ වෛද්‍යවරුන් කණ්ඩායමක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර
තිබේ.
රජයේ සේවයේ නියුතු වෛද්‍යවරුන් 28 දෙනෙකු විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක, මුදල් අමාත්‍යංශ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් යනාදීන් වගඋත්තරකරුවන් කර ඇත.
පෙත්සම්කාර වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබාගැනීම මෙතෙක් කල් රජය විසින් ක්‍රියාත්මක කළ බව හා එය තමාගේ හිමිකමක් බවයි.
එහෙත් මෑතකදී රජය විසින් ගෙන ආ අයවැය යෝජනා මගින් මෙම තීරු බදු රහිත වාහන බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමෙන් තමාට අසාධාරණයක් වී ඇති බැවින් එය මෙතෙක් පැවති ලෙස ක්‍රියාත්මක කරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන්නැයි මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.